නිශාන්ත කුමාර
ජලයේ පාවීම වැළැක්වීම සඳහා පිටෙහි ගලක් ගැට ගසා දෑත් බැද ලොග්ගල්ලා ඔයේ වතුර වළක ගිල්වා තිබූ පුද්ගල මළ සිරුර අද (28) දහවල් බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සරත් වීරසිංහ මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය.
ගොඩගත් මළ සිරුර අද (28) බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධ වාර්තාවක් උසාවියට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.
මළ සිරුර ගොඩගත් අවස්ථාවේ එම සිද්ධිය දැක බලා ගැනීම සඳහා අති විශාල පිරිසක් ඔය ඉවුර වෙත රැස්ව සිටියහ.
මෙම මළ සිරුර ඉකුත් 22 වැනි දා සිට නිවසින් අතුරුදන්ව සිටි බව කියන මීගහකිවුල මොරහෙල මීගොල්ල ප්‍රදේශයේ පදිංචි ඩී එම් සුදුබණ්ඩා (32) නැමැති අවිවාහක අයකුගේ බව හඳුනාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පරීක්ෂණ කටයුතු සඳහා අද (28) දිනයේදී පොලිස් සුනඛයින්ගේ ද සහාය ලබා ගැනීමට නියමිතව තිබිණි.