(රංජන් කස්තුරි)
ලොකු ලූනු සඳහා මෙතෙක් ගෙවූ කිලෝවට රුපියල් 60 ක සහතික මිල රුපියල් 80 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.
දේශීය ලොකු ලූනු ගොවීන් ආරක්ෂාකිරීමේ අරමුණින් අවම සහතික මිල ඉහළ නැංවීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය කියයි.
ලොකු ලූනු මිල පහත වැටීම හේතුවෙන් ඉකුත් කාලයේදී ගොවීන්ට සාධාරණ මිලක් හිමි නොවූ අතර ගොවීන් එම වගාවෙන් ඉවත්වීමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබුණු බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
මේ අතර ලොකු ලූනු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 190 කි.

