ලොකු ලුනූ වලට උපරිම සිල්ලර මිලක්


(මහින්ද නිශ්ශංක)

ආනයනික ලොකු ලුනූ කිලෝවක් සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් අද (23) සිට නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.

මේ සම්බන්ධ ගැසට් නිවේදනය අද නිකුත් කිරිමට නියමිතය. වෙළෙඳපොලේ ලොකු ලුනු මිල විශාල ලෙස ඉහළයාම පාලනය කිරිම සඳහා මෙම උපරිම සිල්ලර මිල නියම කළ බවද සභාපති කීය.