ලොකු පින්කමකට දායකත්වය ඉල්ලයි


අත පය කැපී වෙන් වූවනට එම අවයව සාර්ථක ලෙස බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකය සමත් වී සිටියි. එම සැත්කම් ගැන මාධ්‍ය වර්තා ලියූ ලංකාදීප වෙබ් මාධ්‍යවේදීන්ගේ නිරීක්ෂණය  වූයේ එම වෛද්‍යවරුනට ඇතැම් උපකරණ අත්‍යවශ්‍ය බවයි. සියුම් ස්නායු ආදිය බද්ධ කිරීම සඳහා කුඩා දේ ලොකු කැර පෙන්වන කණ්නාඩියක තද බල අවශ්‍යතාවයක්  ඇති බව ඔවුහු පෙන්නා දෙති. හිසේ පළඳින මෙම කණ්ණාඩිය  Head – worn loupe EyeMag pro S යනුවෙන් හැඳින්වේ. 3.3x විශාල කළ හැකි, 450 මිලි මීටර් දුර බැලිය හැකි, මිලීමීටර් 100 දෘෂ්ඨි කේන්ද්‍රයක් ඇති  ( Magnification 3.3x working distance 450 mm, visual field  100 mm ) කණ්ණාඩියක් ලැබේ නම් එම පරිත්‍යාගය ඉතා වටිනා බව එම මාධ්‍යවේදීහු පවසති. අපේ එසැණ වෙබ් පාඨකයන් අතරින් කෙනකු හෝ සංවිධානයක් මේ පරිත්‍යාගය කරන්නේ නම්, ඔවුනට තවත් තාක්ෂණ විස්තර අවශ්‍ය නම් [email protected] ඊ මෙල් ලිපිනයෙන් වැඩි විස්තර ලබාගත හැකි බව කරුණාවෙන් සලකන්න. සම්බන්ධ ලිපි - http://www.lankadeepa.lk/index.php/articles/49696 http://www.lankadeepa.lk/index.php/articles/53967 http://www.lankadeepa.lk/index.php/articles/46100