ලේකම්ට ගැසීම ගැන හෝඩුවාවක් නෑ
අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහරදුන් පුද්ගලයන් සොයා වාහන ලක්ෂ දෙක හමාරක තොරතුරු ලබා ගෙන , වාහනයක් ලුහු බැඳ ගිය පුද්ගලයකුගේ කටඋත්තරය ද ලියා ගත් නමුත් සැකකරුවකු අත්අඩංගුවට නොගත් බව කොළඹ අපරාධ විමර්ශන අංශය ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මියට අද කරුණු වාර්තා කළේය.
දුරකතන ඇමතුම් පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත්, දුරකතන ඇමතුම් විස්තර මකා නොදමන ලෙස සමාගම්වලට නියෝග කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටියේය.
මහේස්ත්‍රාත්වරිය ඊට අවසර දෙමින් පැවසුවේ ජනවාරි 10වැනිදාට පරීක්ෂණ වාර්තාවක් ගොනු කරන ලෙසයි.

