ලේ පැල්ලම කිලෝමීටර 17 ක් දුරට


නාවලපිටිය මහ පාරේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව නාවලපිටිය පොලිසියේ මූලස්ථාන පරීක්ෂක එතැනට ගිය නමුත් මළ සිරුර එහි නොවූ නමුත් පාර මැද ලේ පැල්ලම් තිබුණි. කිලෝ මීටර් 17 ක් දුර ලේ පැල්ලම් ඔස්සේ ගිය ඔහු ගම්පොළදී සිරුර සොයා ගත්තේය. නාවලපිටියේදී මියගිය පුද්ගලයකුගේ සිරුර ගම්පොළ තිබීම ප්‍රශ්නයක් බව පොලිසිය කියයි.

එක්කෝ අපරාධයකට පසු එය එහි ගෙනැත් දමන්නට ඇති බව හෝ මිය ගිය පුද්ගලයා වාහනයක හැපුණේ නම් වාහනයක ඇමිණී ඇදී යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.