ලෙඩ්ඩු කබලෙන් ලිපට


විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහගේ ගෙදර ළඟ ඇණය ගැලැවූ අත් බෝම්බයක් තිබිණැයි කියන සිද්ධිය මුල් කැරගෙන රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය රටපුරා වැඩ වැරීම නිසා රෝගීහු දස් ගණනක් අමාරුවේ වැටුණාහ. බොහෝ දෙනක් හිස් අතින් ආපසු ගියහ. ත‍්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරුනට අමතරව හෙද හෙදියෝ ද, සුළු සේවකයෝ ද වැඩ වැරූහ. හෙදියන් නිල ඇඳුමේ ඒප‍්‍රනයට සමාන ඒප‍්‍රනයක් සුළු සේවිකාවන් අඳිතියි හෙදියෝ වර්ජනය කළහ. නිල ඇඳුමේ එම ඒප‍්‍රනය ඉවත් නොකරන්නැයි සුළු සේවිකාවෝ වර්ජනය කළහ.