ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි


බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අතර, ඔහු සහ චීන ජනාධිපතිවරයා අතර හමුව පැවැත්වූයේ ඒ අනුවය.

චීනයත් බ්‍රසීලයත් අතරේ උපායමාර්ගික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සාකච්ඡා පැවැත්විණි. ඊට අමතරව අනෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ අදහස් හුවමාරු කර ගැනීම සිදුවිය. 

බ්‍රසීලයත් චීනයත් ‘බ්‍රික්ස්’ සාමාජික රටවල්ය. රුසියාව ද ‘බි්‍රක්ස්’ සාමාජිකයෙකි. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද චීන ජනාධිපති ෂී ජින්පින් සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අතරේ සාකච්ඡා පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)