ලූඊවිල් ලක් සිසුහු ඇත්ත පෙන්නති


ඇමෙරිකාවේ කෙන්ටකි ප‍්‍රන්තයේ ලූඊවිල් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවේ පැවැති ත‍්‍රස්තවාදී ගැටුම සහ පශ්චාද් යුද සමයේ විවිධ ව්‍යාපෘති පිළිබඳව පොදුජනයා දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. විවිධ රටවලින් පැමිණ එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුහුන්ද, ආචාර්යවරුන්ද, මාධ්‍යවේදීන්ද, ශ්‍රී ලාංකික ප‍්‍රජාවද සහභාගි වූ එම වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණ වූයේ ශ්‍රී ලංකාව පිළිබඳව නිරතුරුව කැරෙණ ද්වේශසහගත අසත්‍ය ප‍්‍රචාරයට නිසි පිළිතුරු සැපයීම බව ශිෂ්‍ය සංගමයේ සභාපති කසුන් ප‍්‍රනාන්දු කීය. ඇම්නෙස්ටි සංවිධානය පසුගියදා ඇමෙරිකාව පුරා ප‍්‍රදර්ශනය කළ ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසින් නිෂ්පාදනය කරන ලද ”එහි නොතිබුන ඇත්ත” නම් වූ චිත‍්‍ර පටය මෙවන් විකෘති සහගත ප‍්‍රචාර පිළිබඳ හොඳම උදාහරණයක් ලෙස ලූඊවිල් ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය කියයි. පොදුවේ බැලූවහොත් ඇමෙරිකාව වැනි විශාල රටක ජීවත්වන බොහෝ දෙනා ශ්‍රී ලංකාව පිළිබඳව එතරම් දැනුම් සම්භාරයක් ඇති අය නොවන හෙයින් මෙවන් බොරු ප‍්‍රචාරයන් අනුමානයක් නැතිව සත්‍ය ලෙසට විශ්වාස කිරීමට හොඳටම ඉඩකඩ තිබෙන බවද ඔවුහු කියති. රජයේ චිත‍්‍රපට අංශය නිෂ්පාදනය කළ ”නිදහස කතා කරයි” නම් වූ වාර්තාමය චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කැරිණි.