ලීලාවතී රැජන සමයේ කාසි මින්නේරි වැවෙන් මතුවේ


ලීලාවතී රැජනයේ පාලන සමයේ භාවිතා කළැයි විශ්වාස කැරෙන කාසි සහිත මුට්ටියක් මින්නේරිය වැවෙන් හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර නියෝජ්‍ය අධ්‍යක්‍ෂක කාර්යාලය කියයි. මේ දිනවල පවතින දැඩි නියඟයත් සමග වැවේ ජල මට්ටම පහළ බැස ඇත. ධීවර කාර්මිකයකු අද උදෑසන වැවට ආ අවස්ථාවේ දියෙන් මතු වී තිබූ මුට්ටියක් දැක මින්නේරී මහසෙන් රජමහා විහාරයේ ගිරිතලේ සිරිසුමන හිමියන්ගේ මාර්ගයෙන් එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාර දුන්නේය.