ලීටර් 15 හොරකමට ලංගම දෙන්නෙක් රිමාන්ඩ්
උඩහමුල්ලෙන් කතරගම ගිය ලංගම බසයකට කතරගම ඉන්ධන හළකින් ඩීසල ලීටර් 35ක් ගසා ලීටර 50ක් ගැසූ බවට බිලක් ගනිද්දී අත්අඩංගුවට ගත් ලංගම රියැදුරෙක් හා කොන්දොස්තරවරයෙක් තිස්සමහාරම මහේස්ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා විසින් ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. උඩහමුල්ල ඩිපෝවේ රියදුරු එච්.ජි සමන්ත, කොන්දොස්තර කේ.එන්.ඩබ්ලිව්. නන්ද කුමාර ඔවුහුය. ගැමියන් සේ වෙස් වළාගෙන එහි ගිය ලංගම පරීක්ෂක වරු දෙදෙනෙක් මේ වාංචාව අල්ලා ගත්හ.

