ලිහිසි හා හයිඩ්‍රොලික් ඉන්ධන දැවිතෙල් සමග කලවම්කැර විකිණීමේ ස්ථානයක් කැලණිය නාරන්මිණියෙන් වටලා රුපියල් ලක්ෂ 70ක පමණ ලිහිසි තෙල් සමග දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
කැලණිය නොවිසඳුණු අපරාධ අංශය මේ වැටලීම සිදු කළේය. ලිහිසිතෙල් බැරල් 33ක් ද හියඩ්‍රොලික් තෙල් බැරල් හතරක් ද දැවිතෙල් බැරල් 24ක් ද, හිස් බැරල් 97ක් ද තිබූ බව පොලීසිය කියයි.





