ලිප්ටන් සීට්හිදී වතුකම්කරුවෝ සංචාරකයන්ට පහර දෙති


(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ ලිප්ටන් ෂීට් හී සංචාරකයින් තිදෙනකු පිටරත්මලේදී වතු කම්කරුවන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.

එංගලන්ත ජාතික දෙදෙනකු හා නේපාල ජාතිකයකු මෙසේ තුවාල ලබා ඇති අතර පහරදුන් බව කියන සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි.සැකකරුවන් සැඟවී ඇතැයි කියැවේ.

එම විදේශිකයින් විසින් වතු කම්කරුවන්ට එන්නතක් ශරීර ගතකරන බවට වතුකරයේ පැතිර ගිය කතාවක් නිසා මෙම පහරදීම කර ඇතැයි පොලිසිය කියයි.

කම්කරුවන්ගේ දරුවන් සමග කතා කරමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇතැයිද විදේශිකයින් අත පාපැදි සුළං පොම්ප තිබීම නිසා වැරදි වැටහිමක් ඇතිව ඇතැයි ද පොලිසිය කියයි.