(යොහාන් භාසුර)
මාස තුනකට වැඩි කාලයක් අත්හිටුවා තිබු ලාෆ් ගෘහස්ථ ගෑස් සැපයුම එළඹෙන සතියේ ආරම්භ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු ලංකාදීපයට පැවැසීය.
ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3500ක සහිත නෞකාවක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් එහි පරීක්ෂණ කටයුතු අවසන් කිරීම කළ වහාම ගෑස් ගොඩබෑම ආරම්භ කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.