ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් පකිස්ථානයේ ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සැකකරුවන් දෙදෙනෙකු මුදා හැරීමට එරට අධිකරණයක් නියෝග කර ඇතැයි එරට පළවන ද නේෂ්න් වෙබ් අඩවිය අද (22) වාර්තා කළේය.
සැකකරුවන් දෙදෙනාට එල්ල වී තිබූ චෝදනා සනාථ කිරීමට අසමත් වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ඊබ්‍රහිම් කලීල් සහ ඔබයිදුල්ලා නැමැති සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස නිදහස් කර ඇති අතර අදාළ ප්‍රහාරය සිදුකල ත්‍රස්ථවාදීන්ට අවි ආයුධ සැපයීම සහ පුහුණුව ලබාදීම යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්ය.
2009 වසරේ මාර්තු මස තුන්වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථය ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය බලා ගමන් කරමින් සිටියදී එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ක්‍රීඩකයින් හත් දෙනෙකු තුවාල ලැබීය.
සිද්ධියට අදාළව සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ප්‍රහාරයේ මහ මොලකරු ලෙස සැලකෙන මලික් ඉෂාක් නැමැති සැකකරු 2015 වසරේ ජුලි මාසයේදී පකිස්ථාන ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණි.
125

