ලාල් පුෂ්පකුමාර අද තරග බිමේ
ලන්ඩන් පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වන අවසන් ක‍්‍රීඩකයා වන ලාල් පුෂ්පකුමාර හෙට (8) තරග බිමට පිවිසීමට නියමිතය. ඔහු දණහිසින් පහළ පාදයක් අහිමි කාණ්ඩයෙන් උස පැනීම ඉසව්වට සහභාගි වන අතර මෙවර පැරාලිම්පික් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කරයි. 36 හැවිරිදි ලාල් ආබාධිතයන්ගේ ක‍්‍රීඩා ඉසව් සඳහා තරග වදින ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයෙකි.
හුද හමුදාවේ ක‍්‍රීඩකයකු වන ලාල් ලංකාදීපයට පැවසුවේ සිය උපරිම ශක්තිය යොදා පදක්කමක් දිනා ගැනීමට උත්සාහ කරන බවයි.
මෙම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිවුවැනි ස්ථානයේ පසුවන ලාල් අන්තර් ජාතික තරගාවලි ගණනාවකට සහභාගි වී අත්දැකීම් ලබා සිටින ක‍්‍රීඩකයෙකි. ඔහු පැරලිම්පික් උළෙල දෙකක දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදී තිබේ.
ශ්‍රී ලංකාව ඊයේ දිනය නිමාවට පත්වන විට එක් ලෝකඩ පදක්කමක් දිනා 69 වැනි ස්ථානයේ පසුවිය.
ප‍්‍රදීප් සංජය මීටර 400 පිරිමි ඉසව්වේ එක් අතක් අප‍්‍රාණික කාණ්ඩයෙන් පෙරේදා තරග වදිමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.
ඊට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තාවී තිබූ හොඳම පැරාලිම්පික් දස්කම වුයේ මීටර් 100 පසුපස ආර (පිරිමි) දණහිසෙන් පහළ පාදයක් අහිමි ඉසව්වෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩක චමින්ද පි‍්‍රයදර්ශන සිවු වැනි ස්ථානය ලැබීමයි.
ශ්‍රී ලංකා ලෝකඩ පදක්කම්ලාභියා ඊයේ ලන්ඩන් නුවර ප‍්‍රධාන ඔලිම්පික් ක‍්‍රීඩාංගනයේ දී පදක්කම් ප‍්‍රදානයට සහභාගි වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ධජය ඉහළට එසවිණි.
පැරලිම්පික් උළෙලක දී ජයග‍්‍රාහකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ධජය ඉහළට එසවුණු පළමු අවස්ථාව එය විය. ලොව මුල්ම පැරලිම්පික් උළෙල 1960දී ආරම්භ වුවත් ශ්‍රී ලංකාව ඒ සඳහා සහභාගි වන්නේ 1996 ඇට්ලන්ටා තරගාවලියේ උළෙලේ සිටය.
චීනය රන් පදක්කම් 63ක් දිනා ගනිමින් ඊයේ වනවිට පදක්කම් සටහනේ පෙරමුණේ පසුවිය. ඔවුන් ඒ වනවිට දිනා සිටි මුළු පදක්කම් ගණන (රිදී 50, ලෝකඩ 49) 159කි. රුසියාව පදක්කම් 18ක් දිනා දෙවැනි ස්ථානයේ පසු වු අතර එම ප‍්‍රතිඵලය අනුව දැනටමත් චීනය මෙවර පැරලිම්පික් උලෙලේ දීත් ජයග‍්‍රාහකයා බවට පත්ව තිබේ.

