ලාංකිකයාට බල්ගේරියාවට පනින්න බැරිවේ


ජර්මනියේ ලියාපදිංචිය ඇති ශ්‍රී ලාංකිකයකු (20) කුඩා බසයක සැඟවී සිටියදී බල්ගේරියා දේශසීමාවේදී අත්අඩංගුවට ගත් බව බල්ගේරියා අභ්‍යන්තර අමාත්‍යංශය කියයි.

ඔහු විදින්-ඩැනියුබ් දෙවැනි පාලම මුරපොලේදී සොයා ගත් බවත් බසයේ රහසිගත කුටියක එම ශ්‍රී ලාංකිකයා සැඟවී සිටි බවත් එරට පොලිසිය කියයි.