ලාංකිකයා හොරුන් අල්ලා දෙයි


රියාද් නුවර අවන්හළකදී සෞවි රියාල් 90000ක් (රුපියල් 3137269.05) සොරකම් කළ දෙදනකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලාංකික තරුණයෙක් (25) පොලිසියට උදව් කළේය.

අලුයම් කාලයේ අවන්හලට ඇතුළු වූ චෑඩ් ජාතිකයන් බව කියන සොරුන් ශ්‍රී ලාංකිකයාට පිහියෙන් ද ඇන ඇත.

සොරුන් අවන්හලේ දවසේ එකතුව රැගෙන පැහැරගෙන ගිය නමුත් ශ්‍රී ලාංකිකයා දුන් නැවරදි විස්තර ඔස්සෝ ගොස් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හොරු අල් කලීච් පොලිසියේ රඳවනු ලැබ සිටිති.