ලාංකිකයා හිරේ ගියේ වෙන වරදකට


බුදු පිළිම වහන්සේ නමකට තම නිවසේදී වන්දනා මාන කළැයි අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයකුට මරණ දඬුවම දීමට සෞදි රජය සැරැසෙතියි පළවූ මාධ්‍ය වාර්තා වැරැදි බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි. පේ‍්‍රමනාත් සී. තුංගසිරි නම් ශ්‍රී ලාංකිකයා සිර බාරයේ තබා ඇත්තේ වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් බව තානාපති නිලධාරියෙක් කියයි. රියැදුරකු වන තුංගසිරි ඔහුගේ නෑයකු වන එරට ගෘහ සේවිකාවක හා සම්බන්ධ ආරවුලකට මැදිහත් වීම නිසා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු හිර ගෙදරදී හමුවූ තානාපති නිලධාරියා කියයි. තුංගසිරි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා සෞදි බන්ධනාගාරය සැරැසෙයි. තම ආගම ඇදහීම නිසා කිසිම ශ්‍රී ලාංකිකයකු වැරැදිකරුවකු කැර හෝ මරණ දඬුවම හෝ පනවා නැතැයි ද ලක්‍ෂ පහක් පමණ ශ්‍රී ලාංකිකයන් සිටින සෞදි රජයේ නම අපකීර්තියට ලක් කිරීමට කිසිවකුටත් ඉඩ නොදිය යුතු යැයි ද එම නිලධරයා පවසයි.