තමා සමග කලින් පෙම් සම්බන්ධයක් තිබූ හතලිස්එක් හැවිරිදි කාන්තාවකට හතලිස්දෙහැවිරිදි පුද්ගලයෙකු විසින් නාපෝලි නගරයේ කවූර් චතුරස්‍රයේදී පිහියක් පෙන්වා මරණ තර්ජනකර තමා සමග තමාගේ ගෙදරට පැමිනෙන ලෙස බල කර ඇත.එසේ පැමිණි පසු තමාව විවාහ කරගන්නා ලෙස ඉල්ලා නැතිනම් කෑලිවලට කපනබවට තර්ජනය කර ඇත.ඉන්පසු කාන්තාවව නිදනකාමරයට තල්ලුකර පහරදිඇති අතර පසුව අතපය ඇලවුම්පටිවලින් බැඳදමා ලිංගික ක්‍රියාවන්ට බල කර ඇත.
පැය හතරකට පමණ පසු කාන්තාව බොරු ආදරයක් පෙන්නා තමා විවාහවිමට කැමතියයි පවසා දෙදෙනාම වෙළඳසලකට ගොස් ඇත. එසේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කාන්තාව ඒ අසලඇති ගොඩනැගිල්ලකට ආධාර ඉල්ලා දිවගොස් ඇත. එහි සිටි පුද්ගලයන් ඇයට උදව්කර ,පොලීසිය දැනුවත්කර ඇත.පොලීසිය පැමිණ හතලිස්දෙහැවිරිදි ලාංකිකයා අත්අඩංගුවට ගෙන මෙම සිද්ධියට අදාල උපකරනද සොයාගෙන ඇත.