ලාංකිකයා ස්වීස් ගිහින් වැඩ පෙන්වයි


ස්විස්ටර්ලන්තයේ ‘ඩී  සුඩොට්ස්වයිස්‘ පුවත්පතේ  ඡායාරූප ජනමාධ්‍යවේදීයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික  ශෂි සුබ්‍රමනියම්ගේ ප්‍රථම  ඒක පුද්ගල  ඡයාරූප ප්‍රදර්ශනය  ස්විට්සර්ලන්තයේ  ග්ලරූස්  පර්යන්තයේ ලින්තරීනා එස් ජී යු හීදී පැවැත්වෙයි.

වීදී ඡායාරූපකරණය තේමා කර ගනිමින්  මෙම ප්‍රදර්ශනයට  ඡායාරූප 19ක් ඇතුළත් වෙයි. වීදී ඡයාරූපකරණය වර්තමානයේ  ප්‍රචලිත  ඡායාරූප කලාවක් වන අතර  හෙන්රි කැටියේ බ්‍රෙසොන් ,රොබට් ප්‍රෑන්ක් ,ගැරී විනෝග්‍රෑන්ඩ්,බෘස් ඩේවිඩ්සන්,එලියොට් අර්විට් වැනි ඡායාරූප ශිල්පීන් මෙහි  පුරෝගාමීයෝය.

 ප්‍රදර්ශනයට  සමගාමීව  පැවැත්වෙන වැඩමුළුව  සහ මාධ්‍ය හමුව පෙබරවාරී පළමුවැනිදා පැවැත්වේ.

ශෂි සුබ්‍රමනී මහතා  වීදි ඡායාරූපකරණය  පිළිබඳව  පැයක සංවාදාත්මක සාකච්ඡාවකට  එක් වීමට නියමිතය.ප්‍රදර්ශනය මැයි මස දක්වා පැවැත්වෙයි.

ශෂි සුබ්‍රමනියම් මහතා මෙරට පුවත්පත් කිහිපයක නිදහස් මාධ්‍යෙව්දීයකු  ලෙසද සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති නිශ්පාදකයකු ලෙසද කටයුතු කළේය.

352A0230-3 352A0847 352A5254 352A9451