ලාංකිකයා මිලානෝ විලක ගිලී මරුට


වරේසි නගරයේ   අරෝනා අල් ලිඩෝහි මජෝරේ වැවේ දිය නාමින් සිටියදී නිමල් ප‍්‍රනාන්දු (54) මහතා වතුරේ ගිලී මිය ගිය බව ඉතාලි පොලීසිය කියයි. කඳානේ සිට   ඔහු ඉතාලියේ මිලානෝ නුවර පදිංචියට ගියේ  වසර 22කට කලිනි. ඔහු විවාහක එක්දරු පියෙකි. මිතුරකු සමග දිය නාමින් සිටිය දී වක්කලමකට වැටීමෙන් අනතුර සිදුවිය.