පසුගිය සතියේ ජර්මනියේ ස්ටුට්ගාඩ් ප‍්‍රධාන නගරයට යාබද මාග්‍රොයිනිගන් නගරයේදි වයස අවුරුදු 21 ක් වයසැති ශ්‍රී ලාංකික පිරිමි දරුවෙක් රිය අනතුරකින් මිය ගියේය.
ඇලෙක්සැන්ඩර් පීරිස් නම් එම දරුවා උදේ නවයට පමණ ඔහුගේ යතුරු පැදියෙන් නගරයට ගොස් තම නිවසට පැමිණෙන අතර තුර මර්සිඩීස් බෙන්ස් රථයක ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇත. බෙන්ස් රථය පැදවු වයස අවුරුදු 45ක් වයසැති ජර්මන් ජාතික රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
මීගමුවේ පදිංචි ඈන් නිලන්ති හා ඩොනල්ඩ් පීරිස් ගේ කනිටු පුත් ඇලෙක්සැන්ඩර් විදුලි කාර්මිකයෙක් ලෙස තම පියා සමග සේවය කළේය.