ලාංකික තිදෙනාට මරණ දඬුවම ස්ථිරයි


සෞදි අරාබියේ  සේවය කළ  ශ්‍රී ලාංකිකයින්  තිදෙනකුට එරෙහිව ජෙඩා මහාධිකරණය  මරණ දඬුවම තහවුරු කැර ඇතැයි විදේශ  අමාත්‍යංශය පවසයි.

2007 වසරේදි  ආයුධ සන්නද්ධව  යේමන ජාතිකයකුට පහර දී  මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්  සෞදියේ ජෙඩා නුවර ප්‍රාථමික අධිකරණයෙන් 2008දී මරණ දඬුවම නියම වු මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා  එම දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා ගොනු කළ  අභියාචනය නිශ්ප්‍රභ කරමින්  ජෙඩා මහාධිකරණය මෙම මරණ දඬුවම තහවුරු කැර තිබේ.

කුරුණෑගල මහව ඩබ්ලිව් එම් එන් බී තෙන්නකෝන් (33)දෙහිවල තුෂාර දිනේෂ් පෙරේරා(36) හා රාගම කේ ඒ පී ජී යු නානයක්කාර (34) එම තිදෙනාය.