ලාංකික 27ක් භූමිකම්පාවෙන් අවතැන් වෙති


පසුගිය ඉරිදා ඉතාලියේ ඇති වූ භූමිකම්පාවෙන් මෝදනා නුවර ආසන්නයේ සන් සෙලිනෝ සුල් පනාරෝ නගරයේ ජීවත් වූ ශ්‍රී ලාංකික පවුල් හතක විසි හය දෙනෙක් අවතැන් වී සිටිති. ඔවුනට ලැබුණු කූඩාරම් දෙක තුන ද දරුමල්ලන්ට දී පිරිමි කාර්වල රැුය ගත කිරීමට පුරුදු වී සිටියහ. බදාදා සිට ඔවුනට අසල ගෘහස්ත ක‍්‍රීඩාංගනයක නවාතැන් ලැබී ඇත. මේ ප‍්‍රදේශයේ තවත් ශ්‍රී ලාංකිකයන්ගේ ගෙවල් කැඞී ඇති බව දැනගන්නට ඇතැයි එහි පදිංචි හලාවත අජිත් ප‍්‍රනාන්දු මහතා කියයි. ශ්‍රී ලාංකිකයන්ගෙන් කෑම බීම ලැබෙන බව ද ඔහු පවසයි.