ලලිත් අනූෂ නඩුවේ අැප ඉල්ලුම 20ට කල් යයි


(නිමන්ති රණසිංහ,මනෝප්‍රිය ගුණසේකර)

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු අද(14) කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයදුම් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළහ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ලබන 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.