ලබන බදාදා සිට දුම්රිය වර්ජනයක්


දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ලබන බදාදා (29) වැනිදා සිට අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක් ඇරැඹිමට තීරණය කළ බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි.


අද (23) රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය දියත් කිරීමට සූදානම් වුවත් දුම්රිය මගීන් ‘ඇසළ පෙරහර’ නැරඹීමට ගමන් කිරීමට නියමිත බැවින් සහ උසස් පෙළ සිසුන්ගේ පහසුව සලකා බලමින් වර්ජනය ලබන බදාදා (29) වැනිදා දක්වා කල් දැමූ බව එම වෘත්තීයේ සමිතියේ ලේකම් කමල් පීරිස් මහතා පැවැසීය. 

“දළදා පෙරහර පැවැත්වෙනවා. උසස් පෙළ විභාගය අවසන් නැහැ. ඒ නිසා අපට කිසිවකුත් ප්‍රාණ ඇපයට ගන්න හෝ කප්පක් ගන්න හෝ යොදාගන්න බැහැ. ඒ නිසා වෘත්තීය සමිතිය ලබන බදාදා (29) මධ්‍යම රාත්‍රියේ දී දියත් කරන්න තීරණය කළා” යැයි හෙතෙම කීය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද (23) සාකච්ඡාවක් පැවැත්වූ බව ද එය සාර්ථක නොවූ බව දහෙතෙම කීය.

“සරත් අමුණුගම අමාත්‍ය කමිටුව ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන තෙක් මාස දෙකක් ඉවසන්නැයි ජනාධිපතිවරයා අපට කියා සිටියා” යැයි පීරිස් මහතා කීය. 


ඬේලිමිරර්