ලන්ඩන් සම්බුද්ධත්ව උළෙල ඉරිදා


ලන්ඩනයේ කිංස්වරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සම්බුද්ධත්ව ජයන්ති පින්කම ඉරිදා පැවැත්වීමට නියමිතය. විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන ආරාධිත දේශනය ඔක්ස්පර්ඞ් සරසවියේ මහාචාර්ය රිචඞ් ගොම්බ්රිච් පවත්වයි. මහචාර්ය මුදියන්සේ දිසානායක සංස්කෘතික දැක්මක් මෙහෙයවයි. විශාරද ආර්චනා දිසානායක හා අත්තනායක මහත්මිය භක්ති ගීත  ඉදිරිපත් කරති.