එක්සත් රාජධානියේ එක්සත් ජාතික පක්ෂ සභාපති හර්ෂ සිරිවර්ධන සහ එජාප තරුණ ශාඛාවේ සංවිධායක චතුර මල්ලව පසුගියදා සිරිකොතෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් මුණගැහුණහ.
මෙම හමුවීම සඳහා එජාපයේ ලේකම් තිස්ස අත්තනායක, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ එජාප ජාතික තරුණ සභාවේ සභාපති රුවන් විජයවර්ධන මහත්වරුද වුහ.
පක්ෂයේ ජනප්‍රියත්වය තවදුරටත් රඳවා තබාගැනීමටත් අලුතින් පක්ෂය සඳහා සාමාජිකයින් සහ හිතවතුන් සමීප කරවා ගැනීමටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවර්ධනය සඳහාත් පසුගිය වසරේ එක්සත් රාජධානි ශාඛාව මඟින් ක්‍රියාත්මක කරන ලද වැඩ කටයුතු පිලිබඳ සවිස්තර වාර්තාවක් මෙහිදී පක්ෂ නායකත්වය වෙත ඉදිරිපත් කර ඇත.එමෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම්කර ඇති විවිධ වැඩ සටහන් පිළිබඳවද මෙහිදී පක්ෂ නායකත්වය දැනුවත් කර ඇත.
විශේෂයෙන් පක්ෂ මුලස්ථානයේ වැඩ කටයුතු සඳහා ආධාර මුදල් රැස්කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද එම අවස්ථාවේ සාකච්ඡා කර ඇත.එජාපයේ එක්සත් රාජධානි ශාඛාවේ සාමාජික ලැයිස්තුව අනුමත කරවා ගෙන ඇති අතර පක්ෂ ශාඛාව සඳහා ගෙවිය යුතු සාමාජික මුදලද එදින ගෙවන ලද බව සභාපති විසින් නිකුත්කර ඇති පුවත්පත් නිවේදනයෙහි දැක්වෙයි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙත රැගෙන යාම සඳහා ශාඛා සමිති ගෙනයන උත්සාහය අගය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය පිළිබඳව කතා කළේය. එක්සත් රාජධානි ශාඛාවේ වැඩකටයුතු ඉදිරියටත් දැඩි උනන්දුවකින් සහ උත්සාහයකින් ගෙනයන ලෙසටද වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.
එජාප මහා ලේකම් තිස්ස අත්තනායක මහතා එජාපයේ එක්සත්රාජධානි ශාඛාවේ වැඩකටයුතු නොබියව දිගටම කරගෙන යන ලෙසට ඉල්ලා සිටිබවද හර්ෂ සිරිවර්ධන මහතා පවසයි. එජාප ජාතික තරුණ සභාවේ සභාපති රුවන් විජයවර්ධන, ලන්ඩන් ශාඛාවේ වැඩකටයුතු පිළිබඳව ඉතාමත් සතුටු විය හැකි බව පැවැසීය.
ලන්ඩන් එජාප තරුණ ශාඛාවේ සංවිධායක චතුර මල්ලව මෙමාසයේ ලන්ඩන් නුවරදී පැවැත්වීමට සුදානම්කර ඇති ආධුනික ක්‍රිකට් තරඟය ඇතුළු ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම්කර ඇති වැඩකටයුතු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළේය.