ලන්ඩන් විහාරාධිපති ඔලිම්පික් අනුශාසක
2012 ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ බෞද්ධ උපදේශක ලෙස ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මඩවල සීලවිමල නාහිමියෝ පත්කරනු ලැබ සිටිති.
රෝහල් උපදේශකවරයකු වන නාහිමියන් පවසනුයේ එම කාරිය ගැන අවබෝධයක් ඇති බවයි. ශ්‍රී ලංකාවේ භික්‍ෂූන්වහන්සේ නමකට ලැබුණු මේ දුර්ලභ අවස්ථාව වැදගත් සේ සලකා තමාට පැවැරෙන කාර්යභාරය ඉටුකැර ඔලිම්පික් උළෙල වෙනුවෙන් තම දායකත්වය දීමට හැකිවීම ගැන සතුටු වන බව ඒ හිමියෝ කියති.
ඔලිම්පික් ගම්මානයේ බොදු කුටියේදී ආගමික වතාවත් ඉටුකරන බවද අධ්‍යාත්මික සුවය පතා හැමට භාවනා ආදි වැඩ සටහන්වලින් උදව් කරන බවද ඒ හිමියෝ පවසති.

