විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, දවස පුරාම බුද්ධ පුජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා මෙන්ම භාවනා වැඩසටහන් ද පැවැත්විණි. ශ්‍රී ලාංකික මෙන්ම ලන්ඩන් බෞද්ධ විහාරයේ යුරෝපීය දායකයෝ පින්කමට සහභාගීවුහ. ලන්ඩන් බෞද්ධ විහාරයේ හිටපු විහාරාධිපතීන්වහන්සේ වූ ආචාර්ය මැදගම වජිරඥාන නාහිමියන්ගේ හය වැනි ගුණ සමරුව වෙනුවෙන් උන්වහන්සේට පිං පැමිණවීමේ සාංඝික දානයක් ද පැවැත්විණි.
ලන්ඩන් බෞද්ධ විහාර සඟමිත් දිනය
ලන්ඩන් බෞද්ධ විහාරයේ වාර්ෂික කාන්තා දිනය සංඝමිත්තා දිනය මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.







