ලන්ඩන් ගින්නෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නෑ


( තිළිණි ද සිල්වා )
 
බටහිර ලන්ඩනයේ, උතුරු කෙන්සින්ග්ටන්හි පිහිටි ලැටිමර් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (14) ඇතිවූ ඇතිවූ ගිනි ගැනීමේ සිද්ධියෙන්  ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටවත් අනතුරක් සිදුව නැතැයි විදේශ කටයුතු අමාතයාංශය පවසයි.
නමුත් යම් සහාය වීමක් අවශ්‍ය ලාංකිකයින් වෙතොත් 0044 / 7466779693 යන දුරකතන අංකයෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක පී .ප්‍රනාන්දු මහතා හෝ 0044 / 7538200462 යන දුරකතන අංකයෙන් එහි තෙවැනි ලේකම් වී.වින්සේනද්‍රරාජන්   මහතා ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව විදේශ අමාතයාංශය කියා සිටී.
 
අද(14) අලුයම මහල් 27 කින් සමන්විත එම ගොඩනැඟිල්ල දැවැන්ත ගින්නක් හටගත් අතර ශ්‍රී ලංකා වේලාවේන් රාත්‍රිය වනවිටත් එම ගින්න නිවා දැමීම සඳහා බ්‍රිතාන්‍ය ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.