බ්‍රිතාන්‍ය ගුවන් සේවය වසර පහළොවකට පසු ලන්ඩන් හා කටුනායක අතර යළි ගුවන් ගමන් ඇරැඹීය.
පළමු ගුවන් යානය ලෙස777-200 සුඛෝපභෝගී ගුවන් යානය අද (12) ලන්ඩන් නුවර ගැට්වික් ගුවන් තොටුපළේ උතුරු ගුවන් පථයෙන් ශ්‍රී ලංකාවට ව බලා පිටත් විය.
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ජාතික නැටුම් කණ්ඩායම සම්ප්‍රදායික ශ්‍රී ලාංකික නර්තනයන් ගෙන් අමුත්තන් පිළිගත්තේය.
පණ්ඩුක වික්‍රමරත්න සහ ඒ.පී.අත්තනායක ඇතුළු නැටුම් කණ්ඩායම බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ විශේෂ ආරාධනයෙන් ශ්‍රී ලාංකික උඩ පහත දෙරට නර්තන අංගයන් ඉදිරිපත් කරනු ලැබීය.
ගැට්වික් ගුවන් තොටුපලේ අධ්‍යක්‍ෂ පීටර් තොම්සන් -
" කොළඹ වෙත නැවත වතාවක් අපගේ ගුවන් ගමන් ඇරඹීමට ලැබීම ඉතා වැදගත්. ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩියෙන්ම යන රටවල් අතරින් දෙවැනියට සිටින්නේ බ්‍රිතාන්‍යය. . ඔවුනට ගැට්වික් ගුවන් තොටුපලේ සිට නවීන අති සුඛෝපභෝගී බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ ගුවන් යානයකින් උපරිම සැප පහසුකම් සහ ආරක්ෂාව ඇතිව ගමන්කිරීමට ලැබෙනවා."