ලන්ඩන් ඔලිම්පික් උළෙලට ලෙඩ ගොඩක් By None // 2012 ජුලි 23 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තව දින කිහිපයකින් ඇරැඹීමට නියමිත ලන්ඩන් ඔලිම්පික් උළෙල ප‍්‍රශ්න රැසකට මුහුණ දෙයි. ඔලිම්පික් ගම්මානයේ ආරක්‍ෂාව සඳහා අවශ්‍ය පිරිස බඳවා ගැනීමට කොන්ත‍්‍රාත් සමාගම අපොහොසත් විය. අවසානයේදී බි‍්‍රතාන්‍ය හමුදාවෙන් සෙබළුන් 3500 දෙනකු බඳවා ගත් නමුත් ඔවුන්ට ගෙවිය යුතු අධික මුදල සමාගමට අතිරේක බරක් වී ඇත. ලන්ඩනයට බලපාන අස්වාභාවික වසන්තයත් සමග දිනපතාම වාගේ ලැබෙන වැසිවලින් ඔලිම්පික් බිම් පුංචි ජලාශ බවට පත් වී තිබේ. වැසි නිසා ඔලිම්පික් උද්‍යාන කටයුතු ද පමා වී ඇත. ලන්ඩනයේ බොහෝ පාරවල ඔලිම්පික් ලාංඡුනය ඇඳ එම මාර්ග සෙසු වාහනවලට තහනම් කිරීම නිසා ලන්ඩනය පුරාම වාහන තදබදයක් පවතී. බස් හා ටැක්සි රියැදුරෝද ඊට විරෝධය පළකරති. ලොකුම ප‍්‍රශ්නය වීමට ඉඩ ඇත්තේ ආගමන නිලධරයන් 5500 ක් දෙනා හීත්රෝ ගුවන් තොටේ අරඹන්නට යන වැඩ වර්ජනයයි. ඔලිම්පික් උළෙලේ මංගල දිනයට එතියි සිතන තිස්දාහකට පමණ එයින් හිරිහැර වෙතියි කියති. ඔලිම්පික් ගමේ වැඩ ද අවසන් වී නැත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත