ලක්‍ෂ 24 ක රන් බඩු මල්ලෙන් එළියට


මලයාසියාවේ හාම්පුතකුට අයත් රුපියල් විසිහතර ලක්‍ෂයක කර මාල හයක් වළලූ දෙකක්, අත් පළඳනා දෙකක්, කරාබු ජෝඩු අටක් හා පෙන්ඩම් හතරක් සොරාගෙන, හාම්පුතාගේ කාරයෙන්ම ක්වාලාම්පුර ගුවන් තොටට ආ කෑගල්ලේ ගෘහ සේවිකාවක් (32) කටුනායකදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ගිය ජූලි මාසයේදී ඇය එරට රැකියාවට ගියාය. ඇගේ හාම්පුතා සඳුදා ලංකාවට එතියි පොලිසිය කියයි.