ලක්ෂ පහක චැනල් සල්ලි වංචාවක්


ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ  පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණ වෛද්‍යවරුන්ට ගෙවීමට තිබු  රැපියල් 502900 ක්   වංචා කරන ළදැයි  කියන සිද්ධියකට සම්බන්ධව  එම රෝහලේ  මුදල් අයකැමියන් දෙදෙනකු ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ්  කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත්  අජිත් එම් මාසිංහ  මහතා නියම කළේය.

මෙසේ රිමාන්ඩ් කෙරුණේ  බානගල මුල්ලේ  ඩබ්ලිව් එම්  නෙරංජන් වසන්තහා කෝට්ටේ  ඊ  එම් කපිල බංඩාර නැමැත්තන් හටය.