ලක්ෂ 85 ක රන් බැංගලෝර නොයයි


රුපියල් ලක්ෂ 85 ක් වටිනා රන් මාල 4 ක් පැළඳ, රන් කුට්ටි 2 ක් බ්‍රෙසියරයේ සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකාරියෝ  වයස 36 හා 26 ක් වු මඩකලපුව හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වල පදිංචිකාරියෝ බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබු රන් වල බර කිලෝග්‍රෑම් 1 යි ග්‍රැරෑම් 707 කි.