ලක්ෂ 80 කොල්ලයට වාහන අංක තහඩු පන්නිපිටියෙන්


(ශාන්ත කුලරත්න)

වත්තල ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් වෙළඳසලක රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් කොල්ලකෑමට යොදාගත් මෝටර් රියට සවිකිරීම සඳහා පන්නිපිටිය කලල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක අලුත්වැඩියාව සඳහා ගෙනැවිත් තිබූ වාහන දෙකක අංක තහඩු තුනක් ගලවාගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.

එසේ සොරාගත් අංක තහඩු කොල්ලය සඳහා භාවිත කළ මෝටර් රථයට සවිකර තිබූ බව පොලිසිය පවසයි.