ලක්ෂ 77ක කුඩු මන්නාරමෙන් අල්ලයි


උතුරු ඉන්දියාවේ රාමනාධපුරම් සිට බෝට්ටුවකින් රුපියල් ලක්ෂ හැත්තෑ හතක හෙරොයින් මත් කුඩු  ගෙන ආ බව කියන ශ්‍රී ලාංකිකයෙක් හා ඉන්දියා ජාතිකයෙක්  මන්නාරම පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ. උතුරු පළාත් බුද්ධි අංශයට ඉන්දියාවෙන්  ලැබුණු තොරතුරක් අනුව කළ මේ වැටලීමේ දී කුඩු ග්‍රෑම් 750කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවත් උතුරු පළාත් බාර බුද්ධි අංශයේ පොලිස් පරීක්ෂක සිසිරසේන මෙම වැටලීම මෙහෙයැවූ බවත් දැන ගන්නට ඇත. ඉන්දියාවේ සිට තලේමන්නාරමට මීට පෙර ආ ඉන්දියා ජාතිකයකු කලකට පෙර මන්නාරමේ තරුණියක හා ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇත්තේ මෙම කුඩු ජාවාරම කරගෙන යෑමේ අරමුණින් බව පොලිසියට තොරතුරු ලැබී ඇත. සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.