ලක්ෂ 60ක රන් බිස්කට් පස්සෙන් මතුවේ
කටුනායක ගුවන්තොළේ සිට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා රන් ගෙනයාමට තැත්කළ ග්‍රෑන්පාස්හි ව්‍යාපාරිකයෙක් ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් ලක්ෂ 60ක් වටිනා එම රන් බිස්කට් ගුදමාර්ගයේ සඟවාගෙන යාමට තැත්කළ අතර ඔහුගේ ඇවිදීමේ රටාව ගැන සැකසිතී සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක මහතා විසින් කළ පරීක්ෂාකිරීමේදී කිලෝ එකයි ග්‍රෑම් 182ක් බැරැති රන්බිස්කට් සොයාගෙන ඇත.
පසුගිය හතර වෙනිදා හා හය වෙනිදා රුපියල් දෙකෝටි තිස්ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු රන් බිස්කට් 33ක් බොම්බායට ගෙන යද්දී රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

