ලක්ෂ 60 ක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

මාලිගාවත්ත ‍කෙත්තාරාම ක්‍රීඩාංගණය අසළ නිවසක සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 60කට ආසන්න හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකය පවසයි.

එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 500ක් සහ මිලිග්‍රෑම් 250ක් තිබී පොලිසිය බාරයට ගෙන ඇත.

වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකයේ පොලිස් කොස්තාපල් 82730 කුමාර නිලධාරියා ලද තොරතුරක් අනුව වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.