ලක්ෂ 45ක රත්තරන් ඉන්දියාවට පන්නන්න හදලා


( ටී.කේ .ජී.කපිල )
   
කිලෝ ග්රෑම් එකක පමණ බරකින් යුත් රත්තරන් තොගයක් තම සිරුරේ   සඟවා ගෙන නීතිවිරෝධීව ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළේ දී  අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
  
සැකකරු කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.   ඉන්දියාවේ කොයිම්බතූර් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -193 දරන යානයට යෑමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .
 
මෙම පුද්ගලයා තම සිරුරේ   රත්තරන් බිස්කට් 04 ක් , රත්තරන් කැබලි 03 ක් , ස්වර්ණාභරණ 06 ක් සහ රිදී ආලේපිත රත්තරන් තහඩු දෙකක් ද සඟවා ගෙන සිටි බැව් රේගුව පවසයි .
 
ඒවායේ බර ග්රෑම් 904.77 ක් වූ අතර , එම රත්තරන් තොගයේ වටිනාකම රුපියල් 45,23,850 ක් බවද රේගුව ප්‍රකාශ කරයි.