ලක්ෂ 42ක කුඩු කුළිය වතුරේ By None // 2012 ජුලි 17 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රුපියල් ලක්ෂ 42කට ආසන්න කුළියකට කිලෝ තුනක පමණ හෙරොයින් ගුලි 280ක් ගිල ආ පකිස්ථාන ජාතිකයන් තිදෙනා ලවා මීගමුව රෝහලේදී එම ගුලි එළියට ගැනීමට ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සමත් විය. එක් පකිස්ථාන ජාතිකයකු රුපියල් පහළොස් ලක්ෂයකට ආසන්න කුළියකට ගුලි 125ක් ගිල පැමිණ ඇති අතර මෙතෙක් එම ක්‍රමයට වැඩිම හෙරොයින් ප්‍රමාණයක් ගෙන ආ පුද්ගලයා ඔහු බව ගුවන්තොටුපළ ආරංචි කියයි. මෙම ගුලි කොළඹ හෝටලයකදී එළියට ගෙන ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන්ට ලබාදීමෙන් පසුව නැවත පකිස්ථානයට ගොස් ලක්ෂ 42ක කුලිය ලබා ගැනීමට සිටි බවද වාර්තා වේ. වැඩිදුර පරීක්ෂණ සඳහා පකිස්ථානු ජාතිකයන් තිදෙනා සහ කුඩු කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට බාර දීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත