ලක්ෂ 25 ක හෙරොයින් සමඟ කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට


( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

සංවිධානාත්මක අපරාධකරුවෙකු  මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු වූ ජොශප් නොහොත්  ජොශා නැමැත්තාගේ හෙරොයින්  මත්කුඩු   ප්‍රවාහනය කරන පුද්ගලයා  වැලිපැන්න  නගරයේ දී  අද ( 14) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට   ගන්නා විට රුපියල් ලක්ෂ විසි පහක් පමණ මත්කුඩු ඔහු සතුව තිබූ බවද පොලීසිය කියයි. කළුතර කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය මගින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.