ලක්ෂ 18 අරන් පැන්න කැමරන් ජාතිකයා අල්ලයි


සල්ලි එක දෙක කරන්නට ගොස් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ දහඅට හමාරක් රැගෙන පැන ගිය කැමරන් ජාතිකයා කොල්ලුපිටියේදී  අල්ලා ගත් නමුත් මුදල් සොයාගෙන නැතැයි පොලීසිය කියයි.

ඔහු අද රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටවීමට ගුවන් ටිකට්පතක් ගැනීමට ගොස් සිටියදී ව්‍යාපාරිකයාගේ මිතුරකු ඒ බව ඔහුට දන්වා ඇත.

පොලීසිය ඔහු සොයා ගියේය. ඔහු ජිප් රියකින් පලා යන්නට විය. පොලීසිය ඔහු ලුහු බැන්ඳේය. ඔහු ජිප් රිය අතහැර ත්‍රීරෝද රියකට ගොඩවිය. පොලීසිය ලුහුබැඳ එනු දුටු එයින් බැස මහ පාරේ දිව්වේය. පසුව ගොඩ නැගිල්ලකට ඇතුළු වී දොර වසා ගත්තේය.

පොලීසිය එහි ඇතුළු වී ඔහු අත්අඩංගුවට ගතේය. මුදල් කොහිදැයි ඇසූ විට දුවද්දී විසි කළා යැයි කියා ඇත. එය බොරු ප්‍රකාශයක් විය හැකි බව පොලීසිය කියයි.