ලක්ෂ 10ක වල්ලපට්ටා රට පටවන්න හැදූ දෙදෙනෙකු දැලේ


(සිතුම්  චතුරංග)
           
විදේශ රටකට නීතිවිරෝධී ලෙස රැගෙනයාම සඳහා සූදානම්කර තිබූ රුපියල් 1,000,000ක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ 72 සමඟ දෙදෙනෙකු මන්නාරම, අඩම්පන්, සන්නා ප්‍රදේශයේදී අද(28) අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවෝ අඩම්පන් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
           
නාවික හමුදා බුද්ධි නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව මන්නාරම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.
           
සැකකරුවන් මඩු රක්ෂිත ප්‍රදේශයෙන් මෙම වල්ලපට්ට තොගය නීතිවිරෝධී අයුරින් කපා ඇති බවත් විදේශරටකට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම්කර තිබූ බවට තොරතුරු අනාවරණයවූ බවද පොලිසිය සඳහන් කරයි.
           
සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.