ලක් සිසුවෙක් දස්කම් පිට දස්කම් දක්වයි


ශ්‍රී ලංකාවේ  විමුක්ති සමීර මහින්දරත්න (24) බ්‍රිතාන්‍යයේ නෝර්ත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයයේ 2012 උපාධි ප්‍රදානෝත්සවයේ දී විද්‍යාවේදී  (පළමු පෙළ ගෞරව ) උපාධිය තවත් විශේෂ සම්මාන තුනක් ද සහිතව දිනාගත්තේය. රාජ්‍ය සංනිවේදන සඳහා වන රැජින සම්මානය , වසරේ හොඳම ශිෂ්‍යයා සඳහා වන උපකුලපති සම්මානය හා නායකත්ව හා කළමණාකරණ ආයතනික සම්මානය එම විශේෂ සම්මාන තුනයි.  කොළඹ මහානාම හා රාජකීය විදුහල් හී මූලික අධ්‍යාපනය ලැබූ විමුක්ති, ඊස්ට්බෝන් පාර්ක් විද්‍යාලයයේ දී විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා නෝර්ත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයයට ඇතුළත් වුයේ ශිෂ්‍යත්වයක් ද දිනා ගනිමිනි.