තිළිණි ද සිල්වා
බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයේදී එරට තරුණයෙකු විසින් උසස් අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් දූෂණයට ලක්කොට ඇතැයි එරට පළවන ‘ද ඩේලි ස්ටාර් ‘ පුවත්පත් වෙබ් අඩවිය සඳහන් කර සිටී.
මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ චිතගොං හි විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරමින් සිටි ලාංකික ශිෂ්‍යාවකි.
අදාළ තරුණිය විසින් බංග්ලාදේශ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඇයව දූෂණය කළා යැයි කියන බංග්ලාදේශ තරුණයාද මේවන විට එරට පොලිස් බලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
දූෂණයට ලක්වූ ලාංකික තරුණිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ අලෙවි විධායකවරයෙකු වන මෙම තරුණයා දින දහයකට පෙර එනම් ඉකුත් 11 වැනිදා ජංගම දුරකථන මාර්ගයෙන් තමන් සමඟ මිතුරු වූ බවත් පසුව කතා බස් කළ බවය.

