ලක් සිතුවම් පැරිසියේ 16 වැනිදා


ඇය ශ්‍රී ලංකාවේදි අත් පොත් තැබූ ගුරුවරියකි. පැරීසියේ ඇසුර දශක තුනකි. ඇය තීන්ත ටින් හිස් කරන්නේය. සුමුදු වර්ණ තීන්ත ලතාවට හැඩ කරන්නේය. ඇය මෘදු වර්ණ මිශ‍්‍ර නොකරන්නේය. ඇය ශ්‍රී ලාංකික මවකි. ඇය දක්ෂ චිත‍්‍ර ශිල්පිනියකි.

පැරීසියේ පද්මා විජේසිංහ වියන්ගොඩ  එම චිත්‍ර ශිල්පිනියයි. විවිධ වර්ණ තීන්ත මිශ‍්‍ර කර හැඩට චිත‍්‍ර අඳින්නේය. ප‍්‍රදර්ශනය කරන්නේය. ඇගේ එම වර්ණවත් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් මාර්තු මස 15 වැනි සෙනසුරාදා හා 16 වැනි ඉරුදින පැරීසියේ  දී  පැවැත්වීමට නියමිතය.

 මෙවර ඇගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනය පැරීසියේදි පැවැත් වෙන්නේ දොළොස්වැනි වතාවටය.පැරීසිය චිත‍්‍ර වලට සුප‍්‍රසිද්ධ නගරයකි. ලෝක ප‍්‍රසිද්ධ මොනලීසා ජීවමාන වන්නේද පැරීසියේය. ලෝක ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිලිපීන් වන පිකාසෝ, මයිකල් ඇන්ජලෝ, ඩාවින්චි, වැන්ගූච්, ක්ලෝඞ් මොනේ ආදින්ගේ මිළකල නොහැකි අනර්ගතම චිත‍්‍ර රාමු පැරීසිය සරසති.