ජීවිත කාලයටම එක්වරක් පමනක් පරිමාණ ‘රන්දිය දහර’ සම්මානය මෙවර මිලානෝ නගරයේ ලාංකික සමාජයේ ප්‍රකට සමාජ සේවක සමන්ත ජනක කිරිආරච්චි මහතාටද හිමි විය.
ව්ව්ධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මිලානෝ නගර සභාවෙන් මෙම සම්මානය ඔහුට පිරිනමා ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඔහු විසින් කරන ලද සේවා වෙනුවෙනි.
මිලානෝ නගරයේ විවිධ ආගමික මධ්‍යස්ථාන වැඩ ලේ දන්දිමේ වැඩසටහන් භාරකරුවන් නොමැති මියගිය ලාංකිකයන් ඔහු මුල්වී භුමදානය කිරීම යන ක්‍රියා සලකා ඔහුට මෙම සම්මානය පිරිනමා ඇත.
මිලානෝ නගරාධිපති නිල නිවසේදි පැවති විශේෂ උත්සවයකදී දේශපාලන,සමාජසේවා,සෞඛ්‍යෙසේවා පිලිබඳ මිලානෝ නගර සභාවේ උපදේශක ෆ්‍රැන්චෙස්කෝ මජොරිනෝ මහතා ඔහුට මේ සම්මානය පිරිනැමීය.
විදේශයකට එම සම්මානය පිරිනැමුණේ මුල්වරටය.

